Seven Seconds – Sinhal Review

MerlinFebruary 22, 2018Views 248

කතාවක් නිකුත් වීමට පෙර අපි ඒක ගැන Review එකක් ගේනවා කියන්නෙ අනිවාර්යයෙන් මොකක් හරි ලොකු වැඩක් ගැන ඉඟියක් තමයි කියලා කට්ටිය දැනටමත් දන්නවා ඇති.හරි ඉතිං දෙවෙනි වතාවටත් රූපවාහිනි කතාමාලාවක් නිකුත් වී දිනක් ඇතුළත සම්පූර්ණ සිංහල උපසිරැසි නිකුත් කිරීමට අපි සියල්ල සූදානම් කර හමාරයි.
ඒ ගැන වැඩි විස්තර නැතුව මන් කතාව ගැන කියන්නම්.ඇත්තටම කතාව බලනකන් මේ තොරතුරුවල 100% ක් නිවැරදිව තහවුරු කරන්න බැරි වුණත් මේක ගැන නොදැනුවත් අය දැනුවත් කිරීම සඳහා මෙන්ම කතාව නැරඹීමට පෙර යම් අවබෝධයක් අවශ්‍යය නිසා තමයි මේ විදිහට විචාරය කරන්නෙ.ගොඩක් දෙනෙක් කාගෙන් හරි කතාව මොන වගේද අහලනෙ ඉතිං සීරිස් බලන්නෙ.
Seven Seconds කියන්නෙ ඇත්තටම Anthology drama එකක්.Netflix ලගෙ පළවෙනි Anthology එක.කතා සමයෙන් සමයට ප්‍රස්තුතය වෙනස් වෙන විදිහට මේක නිකුත් වෙන්න තමයි නියමිත.තාමනම් කිසිම අඩවියක එහෙම ලොකු Ratings අගයක් අරන් නෑ.
👉imdb 6.4 ක
👉Rotten Tomatoes 80%
තියෙන්නෙ.ඒ වුණාට මේක තාම නිකුත් වෙලා නෑ කියන එක අමතක කරන්න එපා.සමහරවිට මේ කතාවට පදනම් වන ජාතිවාදය පිළිබඳ අරගලය මේ Ratings වලට හේතු වෙනවා වෙන්නත් පුලුවන්.
කතාව තනිකරම ගොඩනැගෙන්නෙ එක් සිදුවීමක් වටා.ඇමරිකාවේ ජර්සි නගරයේදී අවුරුදු 15ක Brenton Butler කියන අප්‍රිකානු සම්බවයක් සහිත ඇමරිකානු ළමයා(කළු ජාතික) හදිසියේම යම් අනතුරකට ලක් වෙනවා.මේ සිදුවීම වෙත එන සුදු ජාතික පොලිස් නිලධාරියාට හදිසියේම ඇමතුමක් එනවා තම ගර්භණී බිරිඳට හදිසියක් කියල.ඉතිං මේ නිලධාරියා ඉක්මනින්ම රෝහලට යන්න යනවා.මේ වෙලාවෙම තමයි අනෙක් පොලිස් නිලධාරිනුත් මෙතනට එන්නෙ.හිතන්නකෝ ඉතිං අනතුරට ලක් වෙච්ච කලු ජාතික ළමයෙක්,ඒ ළඟින් ඉක්මනටම අයින් වෙන සුදු ජාතික පොලිස් නිලධාරියෙක්.මන් කියන්න ඕන නෑ බලන් ඉන්න අයට ඇතිවෙන වැරදි වැටහීම?
ඉතිං මේ ආරංචිය ඉක්මනටම පැතිරෙනවා.පොලිසිය ජාතිවාදි බවට චෝදනා එල්ල වෙනවා.කළු ජාතිකයන් කලබලයට පත්වෙනවා.කළු ජාතිකයන් හා පොලීසිය අතර ගැටුමක් නිර්මාණය වෙනවා.මේ වගේ සිදුවීම් ඇත්තටමත් වුණා කියල දන්නව ඇතිනෙ කට්ටිය.ඉතිං මේ ජාතිවාදි ගැටුමේ ස්වාභාවය,ව්‍යාප්තිය වගේම අවසානයත් කතාවෙන දැකගන්න පුලුවන් වෙයි කියලා හිතන්න පුලුවන්.
මේ සිදුවීම ගැන විමර්ෂණය පැවරෙන්න KJ.Harper කියන සහය නීති නිලධාරිනියට.KJ බීමට ඇබ්බැහි වුණ කෙනෙක්.තමන්ගෙ වෘත්තිය ගැනත් KJ ට ගැටලු තියෙනවා.මෙයාගේ සහයට තව රහස් පරීක්ෂකවරයෙකුත් එකතු වෙනවා.එයාගේ නම Joe “Fish” Rinaldi.තරමක් විනෝදකාමී විහිලුවට බර කෙනෙක් හැටියට තමයි මෙයාව හඳුනාගන්න ලැබෙන්නෙ.ඊට අමතරව Pete Jablonski කියන්නෙ මේකෙ තවත් ප්‍රධාන චරිතයක් Pete තමයි අර අනතුර වෙලාවෙ Brenton කියන ළමය ළඟ ඉඳලා ඉක්මනටම අයින් වෙන පොලිස් නිලධාරියා.අපරාධ මර්ධනය පිළිබඳ විශේෂ ඒකකයකට අලුතින්ම එක්වෙන තරුණ නිලධාරියෙක් තමයි Pete කියන්නෙ.Pete මේ සිද්ධිය ගැන තවදුරටත් හොයන්න පෙළෙඹෙනවා.
මීට අමතරව Brenton Butler ගෙ දෙමව්පියන් වන Latrice Butler හා Isaiah Butler යන චරිතත් මේ කතාවේ ප්‍රධානම චරිත කිහිපයට අයත් වෙනවා.විශේෂයෙන්ම Latrice තම පුතාගේ වියෝවෙන් කම්පාවට පත් වන ආකාරය මේ තුළින් දැකගන්න පුලුවන් වෙයි.
කොහොමවුණත් දැනගන්න ලැබුණු තොරතුරුවලට අනුව නම් මේක වෙනස්ම විදිහ කතාවක්.ඇමරිකානු සමාජයේ ඇත්තම ගැටලුවක් ගැන තමයි කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ.විශේෂයෙන්ම Dramatic කතා බලන්න කැමති අයනම් මේකට ගොඩක් කැමතිවෙයි කියලා හිතනවා.
මෙන්න මේ රංගන ශිල්පීන් තමයි මේ කතාව සඳහා දායක් වෙලා තියෙන්නෙ.ඔවුන්ගෙ රංගනය නම් ඉතාම ඉහළ ගුණාත්මක බාවයක් පෙන්වන බව වාර්තා වෙනවා.
👉Clare-Hope Ashitey- KJ Harper
👉Regina King-Latrice Butler
👉Michael Mosly-Joe ‘Fish’ Rinaldi
👉Russel Hornsby-Isaiah Butler
👉Beau Knapp-Pete Jablonski
ඇත්තටම කතාමාලාව විකාශය වෙන්න කලින් මේ වගේ විචාරයක් කරන්න අමාරුයි.කතාව ගැන දැනුමක් ලබාදීම පමණයි මේකෙන් බලාපොරොත්තු වුණේ.අන්තර්ජාලයෙන් තමයි තොරතුරු හොයාගත්තෙ ඒ වගේම වැඩි තොරතුරක් හොයාගන්නත් බැරිවුණා.මොකද මේක කිසිම මූලාශ්‍රයකින් උපුටාගත් එකක් නෙමෙයි.ඉතිං මේ විචාරයේ සියලුම කරුණු 100% නිරවද්‍ය නොවෙන්න පුලුවන්.
ඉතිං මේක ගැන මීට වඩා විස්තරාත්මක විචාරයක් උපසිරැසි සමඟ ලැබේවි.එහෙනම් ඊළඟ Review එකෙන් හම්බෙමු.
#TSC
#Sherlock

Categories
%d bloggers like this: