Altered Carbon – Sinhala Review

MerlinFebruary 1, 2018Views 22116

හැමදාම Tv Series Cast අලුත් වැඩක් කරන්න තමයි උත්සහ කරේ.ඉතිං ඔන්න අපි තවත් සුපිරිම කර්තව්‍යකට එක්රැස් වෙලා ඉන්නේ.එකේ පළවෙනි පියවර විදිහට අපි මේ review එක ඔයාලට ගේනවා.මොකද මේ review එකෙන් ගොඩක් දෙනෙක්ට මේ කතාව ගැන ලොකු උනන්දුවක් ඇතිවෙයි අනිවාර්යයෙන්ම.ඇත්තටම මේ කතාමාලාව තාම නිකුත් වෙලාවත් නැති නිසා සමහරවිට මේ Review එකේ කරුණු ඒ අයුරින්ම සිදු නොවෙන්න පුලුවන්.කොහොමහරි ඒ නිසා මුලින්ම කියන්න ඕන මේ කරුණු සියල්ලම මම අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද ඒවා.🙂
හරි එහෙනම් වැඩේට බහිමු.මෙහෙම හිතමුකෝ ඔයා ගාව තියෙනවා ඔයාම හදපු චිත්‍රපටියක්,එහෙමත් නැත්තම් music track එකක්.ඉතිං ඕක තියෙන්නේ ඔයා ගාව විතරයි.ඒත් මටත් ඕන වෙනවා ඒක අහන්න.හැබැයි මන් ඉන්නෙ ඔයාට ඒක pendrive එකක වගේ දාලා ගේන්න පුලුවන් දුරක නෙමෙයි.ඉතිං ඔයා ඒක upload කරනවා මොකක් Internet file sharing system එකකට.මන් ඒක බාගෙන රසවිදිනවා.ඇත්තටම මේක තමයි අන්තර්ජාලයේ ගොනු හුවමාරු වන සරල සිද්ධාන්තය.
ඒත් කාටහරි පුලුවන්ද කෙනෙක්ගේ සිතුම්පැතුම් ඇත්තටම මනස ඒ විදිහට බාගන්න.Love page වල එහෙම ලොකු ටෝක් දුන්නට ඇත්තටම එහෙම කරන්න බෑනේ හිතවතුනි.හැබැයි Altered Carbon එකේ තියන අනාගත ලෝකෙදි නම් ඔයාට ඕන කෙනාගේ මනස, එයාගේ සුෂුම්නාවේ තියෙන විශේෂිත කොටස server එක විදිහට use කරලා ඕන කෙනෙකුගේ ඇඟ terminal එකක් විදිහට use කරලා download කරගන්න පුළුවන්.ඒ කියන්නේ හිතමුකෝ ඔයා මැරුණා කියලා මට පුලුවම් ඔයාගේ මනස,සිතුවිලි එහෙමත් නැත්තම් ආත්මය වෙන කෙනෙකුගේ සිරුරට ඇතුල් කරන්න.හැබැයි ඔය දෙන්නම මැරිලා ඉන්න ඕන.
සමහරවිට මේක විකාර තාක්ෂණයක් කියලා දැනෙනවා ඇති.ඒත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මිනීමැරුම් සිද්ධියකදී,වැදගත් පුද්ගලයෙක් මියගියාම වගේ අවස්ථාවල.ඒක තමයි කතාවේ concept එක.දැන් බලමු plot එක👇
කතාව ගෙතෙන්නේ Takeshi Kovacs කියලා බන්ධනාගාරයකින්,පොලිස් නිලධාරියෙකුගේ සිරුරකට ඇතුළත් කරපු සෙබලෙකු වටා.මෙයා Laurens Bancroft කියන ප්‍රභූවරයා යටතේ තමයි පාලනය වෙන්නේ.ඔන්න ඉතිං හදිසියේම මේ Laurens Bancroft ඝාතනය වෙනවා.මන් කලින් කිව්වනේ ආත්ම හුවමාරු තාක්ෂණය ගැන.ඒකෙන් පුලුවන් කලින් වෙච්ච දේවල් ඔක්කොම අලුත් සිරුරේ මතකයටත් ලබාදෙන්න.හරි ඒක එහෙමම මතක තියාගන්නකෝ මන් තව දෙයක් පැහැදිලි කරනකන්.
මේකේ ඉන්න හැමෝම tv series බලනවනේ.tv series එකක් complete වෙන්නෙ දවසින් දවස upload වෙන episode වලින්.Tv Series එකක අන්තිම එපිය මොකක් හරි හේතුවකින් අන්තර්ජාලයට upload වුණේ නැත්තම් අපි ඒ කතාවේ අවසානය දන්නෙ නෑ.නැත්තම් ඊටත් වඩා ලේසියි මෙහෙම කිව්වොත් tv series එකේ අන්තිම එපිය මොකක් හරි hack එකකින් internet එකෙන් delete වෙලා යනවා.ඒත් ඒකෙ කිසිම backup එකක් නෑ.එතකොට කොහොමත් අවසානය දැනගන්න වෙන්නෙ නෑ.
හරි ඔන්න ඔය දේම තමයි Laurens Bancroft ටත් වෙන්නේ.එයාගේ ඝාතනයට පැය කිහිපයකට පෙර තමයි එයාගේ memory එකේ අන්තිම backup එක වෙන්නෙ.ඉතිං එයාගේ ඝාතනය එහෙමත් පොලීසිය විශ්වාස කරන විදිහට එයාගේ සියදිවි නසාගැනීම ලොකු අභිරහසක් වෙනවා.ඉතිං මේ ඝාතනයට හේතුව දැනගන්න Bancroft ට ඕන වෙනවා.(මරු ආතල් නේ තමන් මැරුණ විදිහ තමන්ටම දැනගන්න පුලුවන් කියන්නේ😂)Altered Carbon තුළිම් බලාගන්න පුලුවන් වෙන්නෙ Laurens Bancroft හා Takeshi Kovacs මේ සිදුවීමේ සුලමුල හොයන ආකාරය.

👉Cast and Crew
🔰Directors-Miguel Spochnik* ඇතුළු 6 දෙනෙක් ඉන්නවා
🔰Writers-Richard Morgan* ඇතුළු 5 දෙනෙක් ඉන්නවා.
🔰Cast-Antonio Marziale
Chris Conner
Hiro Kangawa
Kristin Lehman
Joel Kinnaman
James Purefoy
Martha Higereda

👉Episodes-10
👉Network-Netflix
👉Ratings-72%(Rotten Tomatoes)තවමත් අනෙක් අඩවි rate කර නොමැත.
👉Releasing Date-02 February 2018

*Miguel Spochnik-මෙයා තමයි මුළු Tv series හා movies ක්ෂේත්‍රයම හොල්ලපු Got s06e09(Battle of Bastards)අධ්‍යක්ෂණය කරේ.

*Richard Morgan-මොහු 2002 රචනා කළ Altered Carbon නම් විද්‍යා ප්‍රබන්ධය ඇසුරින් තමයි Altered Carbon කතාමාලාව නිපදවෙන්නෙ.
අනිවාර්යයෙන්ම මේක Netflix ලගෙ next big hit එක වෙයි.තව දෙයක් මේක බොහෝ විට 18+ කතාවක් වෙයි.මන් හිතන්නෙ අනිවාර්යයෙන්ම එහෙම වෙයි😂ඒ නිසා වැඩිහිටියන් පමණක් නරඹන එක සුදුසුයි.

#Altered_Carbon_our_next_target
#Keep_your_eyes_on_TSC
#Sherlock

Categories
%d bloggers like this: